මුදුනේගම මහ විදුහල් මාතා
සැරදේවා - වැජඹේවා
කිතුගොස දස අත පැතිරේවා...//
මෑණියනි, අප ඔබ හට භාරයි
ඔබගේ සිසු දරැවන් හරි සූරයි
ඔබගේ සෙවණේ ශිල්ප ලබා...//
යහගුණ දම් සිත් තුළ පිබිදෙනවා
යහපත් පුරවවැසියන් බිහිවෙනවා
ඔබගේ සෙවණේ ශිල්ප ලබා...//
මහවැලි ගොවි දරුවන් වන අපගේ
ඔබෙන් ලැබෙයි විදු නැණ ආලෝකේ
ඔබගේ සෙවණේ ශිල්ප ලබා...//
මුදුනේගම මහ විදුහල් මාතා
සැරදේවා - වැජඹේවා